පාකිස්තානය ශ්‍රම බළකායට කාන්තා දායකත්වයේ අඩුවක්
සයුරෙන් එතෙර

පාකිස්තානය ශ්‍රම බළකායට කාන්තා දායකත්වයේ අඩුවක්

April 24, 2026   08:58 pm

පාකිස්තානයේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් වුවද, වැඩ කරන වයසේ පසුවන කාන්තාවන්ගෙන් ශ්‍රම බළකායට දායක වන්නේ සිව්දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් බව නවතම වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.

අදාළ වාර්තාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඒ හා සසඳන විට පිරිමින් පස්දෙනෙකුගෙන් හතර දෙනෙකුම පාහේ ශ්‍රම බළකායට දායකවෙන බවය.

සේවයේ නියුතු කාන්තාවන්ගෙන් බහුතරයක් කෘෂිකාර්මික අංශයේ නියැලී සිටින අතර, විධිමත් රැකියා නියුක්තියේ පසුවන්නේ සියයට 15 කටත් වඩා අඩු පිරිසක් බවද පැවසෙයි. 

ප්‍රධාන කාර්මික අංශවල කාන්තාවන් නියෝජනය කරන්නේ රැකියා නියුක්තියෙන් සියයට 3.6 කි.