උණුසුම් පුවත්

චන්දන කත්‍රිආරච්චිගේ නිවසෙන් අවි ආයුධ සොයාගැනීම ගැන තවත් තොරතුරු එළියට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතා සතුව අවි ආයුධ ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය කැස්බෑව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව අද (16) ඔහුගේ නිවස පරීක්ෂා කෙරුණි.

(0)Comments | April 16, 2026  3:14 pm

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් නෞකාව හෙට දිවයිනට

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව හෙට (17) දිනයේ මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි.

(0)Comments | April 16, 2026  3:03 pm

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | April 16, 2026  1:51 pm

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සහිත කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

(0)Comments | April 16, 2026  1:22 pm

තෙල් මිල ගැන ඇමති නලින්දගෙන් ඉඟියක්

පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ වුවද මෙරට තෙල් සහ විදුලි සැපයුම අඛණ්ඩව ලබාදෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

(0)Comments | April 16, 2026  1:17 pm

වාහනවල සවිකර ඇති අංක තහඩු ගැන පොලීසියෙන් දැනුම්දීමක් 

වාහනවල සවිකර ඇති අංක තහඩු නිසි ප්‍රමිතියට අනුකූල නොවන පරිදි සකසා තිබේ නම්, එවැනි වාහන පොලිස් භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

(0)Comments | April 16, 2026  12:41 pm

අවුරුදු සමයේ අනතුරු 42ක් - මරණ 44ක්

අප්‍රේල් 10 සිට 15 දක්වා කාලය තුළ දිවයින පුරා මාර්ග අනතුරු 42ක් වාර්තා වී ඇති අතර, ඒ හේතුවෙන් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | April 16, 2026  11:56 am

යතුරුපැදියෙන් විදුලි වේගයෙන් ගිය පාසල් සිසුන් දෙදෙනා බිහිසුණු අනතුරක

මඩකලපුව - කල්මුණේ පැරණි පාරේ නාවට්කුඩා දේවස්ථානය අසල සිදුවූ අනතුරකින් සිසුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. 

(0)Comments | April 16, 2026  11:09 am

විදෙස් දුම්වැටි සමඟ චීන ජාතිකයින් 6ක් ගුවන්තොටේදී කොටු 

නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ චීන ජාතිකයින් 6 දෙනෙකු ගුවන් තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට නෙ තිබේ.

(0)Comments | April 16, 2026  10:36 am

ඉරාන ධජය සහිත නෞකාවකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහකළ තවත් නෞකාවක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ.

(0)Comments | April 16, 2026  8:29 am

අවුරුදු සමයේ PHI වැටලීම් 2,000ක් - 400කට නීතිමය පියවර

සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් වෙළෙඳුන් 400කට අධික පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

(0)Comments | April 16, 2026  7:18 am

හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට

සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ සඳහන් හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට (17) දිනට යෙදී තිබේ.

(0)Comments | April 16, 2026  6:52 am

දුම්රිය සහ පෞද්ගලික බස් ධාවනය අද සිට ඉහළට

දිවයින පුරා බස් රථ ධාවනය අද (16) සිට සියයට 50ත් 60ත් අතර අගයකින් ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

(0)Comments | April 16, 2026  6:20 am

චීන සයිබර් අපරාධකරුවන් පිරිසක් කටුනායක දී අත්අඩංගුවට

පරිගණක මූල්‍ය අපරාධ සිදුකිරීම සඳහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | April 16, 2026  5:35 am

අදත් ප්‍රදේශ කිහිපයකට සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල ප. ව. 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

(0)Comments | April 16, 2026  5:24 am

ආසියාතික ජනතාවට සහන සපයන්න ජපානයෙන් ඩොලර් බිලියන 10ක මූල්‍ය රාමුවක්

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් පීඩා විඳින ආසියාතික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඩොලර් බිලියන 10ක් වටිනා මූල්‍ය රාමුවක් සකසන බවයි ජපාන අග්‍රාමාත්‍ය සනේ ටකයිචි නිවේදනය කර තිබේ. 

(0)Comments | April 15, 2026  10:22 pm

ගාල්ලෙන්, මාතරින් මාකුඹුරට එන අයට ඔන්ලයින් බස් ටිකට් 

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා ගොස් ගාල්ල සහ මාතර සිට මාකුඹුරට පැමිණෙන මගී ජනතාවට මාර්ගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බව ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසයි.

(0)Comments | April 15, 2026  9:44 pm

ඇහැළියගොඩදී වාහන රැසක් එක පෙළට හැප්පෙයි

ඇහැළියගොඩ නගරයේදී රියදුරු පාලනයෙන් ගිලිහුණු මෝටර් රථයක් තවත් වාහන පෙළක ගැනීමෙන් අනතුරක් සිදුවී තිබේ.

(0)Comments | April 15, 2026  8:59 pm

කාර්යාල දුම්රිය හෙට සාමාන්‍ය පරිදි - පෞද්ගලික බස් රථ ධාවනය අඩු වෙයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව මේ වනවිට කොළඹට පැමිණෙමින් සිටිති. 

(0)Comments | April 15, 2026  8:20 pm

බලශක්ති අර්බුදය විසඳන්න වික්ටෝරියා ජලාශයෙන් සීමාව ඉක්මවා ජලය ගන්නවාද ?

විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. 

(0)Comments | April 15, 2026  7:29 pm

ඉරානයට අවි ලබානොදීමට චීනය එකඟවූ බව ට්‍රම්ප් කියයි

චීනය, ඉරානයට කිසිදු අවියක් ලබානොදීමට එකඟත්වය පළ කර ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ‍ට්‍රම්ප් පවසයි.

(0)Comments | April 15, 2026  6:40 pm

පියා සමග දියනෑමට ගිය පුතුන් 4දෙනාගේ සිද්ධිය - දෙදෙනෙකුගේ සිරුරු සොයාගනී

මහවැලි ගඟේ වෙරුගල්ආරු පාලම අසල දියනෑමට ගිය පියෙකු සහ පුතුන් සිව්දෙනා අතරින් අතුරුදන් වූ තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (15) පස්වරුවේ සොයා ගැනුණි.

(0)Comments | April 15, 2026  6:12 pm

කරන්දෙණිය සුද්දාගේ සහෝදරයා ඉන්දියාවේදී අත්අඩංගුවට 

ඝාතන ඇතුළු අපරාධ සිද්ධි 15කට අධික සංඛ්‍යාවකට පොලීසියට අවශ්‍යව සිටින රාජු නමැති සැකකරු ඉන්දියාවේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | April 15, 2026  5:35 pm

ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමි බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

(0)Comments | April 15, 2026  4:45 pm

මේ සතියේ පොලිස්පති සහන මැදිරිය නොපැවැත්වෙයි 

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති දිනය සහ පොලිස්පති මහජන දිනය නොපැවැත්වෙන බව පොලිසිය පවසයි. 

(0)Comments | April 15, 2026  4:04 pm