උණුසුම් පුවත්
මැතිවරණ කොමිසමේ e-සේවා පුළුල් කරයි
මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනතාවට සේවාවන් ලබා ගැනීම පහසු කිරීම සඳහා මාර්ගගත “මැතිවරණ ඊ-සේවා” ක්‍රමවේදය තවදුරටත් පුළුල් කර තිබේ.
අමෙරිකානු යුද ගුවන් යානා සඳහා ස්පාඤ්ඤය තම ගුවන් සීමාව තහනම් කරයි
ඉරානයට එරෙහි යුද්ධයට සම්බන්ධ වන අමෙරිකානු යුද ගුවන් යානා සඳහා ස්පාඤ්ඤයේ ගුවන් සීමාව හෝ එරට පිහිටි යුද කඳවුරු භාවිතා කිරීමට අවසර නොදෙන බව ස්පාඤ්ඤ ආරක්ෂක අමාත්‍ය මාගරිටා රොබ්ලස් ප්‍රකාශ කර ඇත.
හිටපු ජනපති ගෝඨාභයගේ මිරිහානේ නිවස අසල ඇති වූ සිද්ධිය ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්
අරගලය පැවති සමයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවස අසල ඇතිවූ කලහාකාරී සිද්ධින් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව නීතිපතිවරයා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්
හෙට (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සමස්ත විදුලි ගාස්තුව සියයට 10කින් ඉහළට - ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වේ.
කෙහෙළිය සෞඛ්‍ය ඇමති සමයේ ඖෂධ මිලදීගැනීම් පිළිබඳව වෝහාරික විගණනයක් සිදුකරන බවට දැනුම්දීමක්
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලසීමාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු ගැන රජයේ විගණකාධිපතිවරයා විසින් වෝහාරික විගණනයකට සිදුකරන බව නීතිපතිවරයා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ රන් මාලයක් හොරෙන් උකස් කළ රංගන ශිල්පිණිය අත්අඩංගුවට
නව පරපුරේ රංගන ශිල්පිණියක් රන්මාලයක් වංචාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (30) අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
IRGC නාවික හමුදාපතිගේ මරණය ඉරානය තහවුරු කරයි
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාපති අලිරේසා තංසිරි (Alireza Tangsiri) මියගිය බව ඉරානය නිල වශයෙන් තහවුරු කර තිබේ.
වසර 03ක් තුළ දරුණු ගණයේ අපරාධකරුවන් 30දෙනෙකු දිවයිනට රැගෙන ඇවිත්
විදේශ රටවල සැඟව සිටින අපරාධවලට සම්බන්ධ සැකකරුවන් මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙළ යටතේ පසුගිය වසර තුන තුළ දරුණු ගණයේ අපරාධකරුවන් 30දෙනෙකු මෙරටට රැගෙන ඒමට සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා පවසයි.
රට තුළ පොහොර සීමිත බැවින් වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය සැරසෙයි
මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ යූරියා පොහොර තොග සීමිත ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් වී වගාව සඳහා පමණක් යූරියා පොහොර ලබාදීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසයි.
RMV ලොක්කා යළි රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා අප්‍රෙල් 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ දැනුම්දීම අද
මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද (30) දැනුම්දීමට නියමිතව තිබේ.
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ චීන ජාතිකයින් 125ක් පිටුවහල් කෙරේ
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ආගමන විගමණ දෙපාර්තමේන්තුවේ රදවා සිටි චීන ජාතිකයින් 125 දෙනෙකු පිටුවහල් කර තිබේ.
ගණේමුල්ලේ දී මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙකු අත්අඩංගුවට
ගණේමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අමෙරිකානු සහ ඊශ්‍රායල නිලධාරීන්ගේ නිවෙස් ඉලක්ක කරන බවට ඉරානයෙන් තර්ජනයක්
මැදපෙරදිග කලාපයේ සිටින අමෙරිකානු සහ ඊශ්‍රායල අණදෙන නිලධාරීන් සහ දේශපාලන නිලධාරීන්ගේ නිවෙස් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.
මාලිමා මන්ත්‍රී පැදවූ මෝටර් රථය තාප්පයක ගැටෙයි
ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා පැදවූ මෝටර් රථය හලාවත බණ්ඩාරවත්ත වංගුවේදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
බලශක්තිය ක්‍රමානුකූලව කළමනාකරණය කර ගත යුතු බව සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් දැනුම්දීමක්
මෙම අවස්ථාවේදී බලශක්තිය කාර්යක්ෂම සහ ක්‍රමානුකූලව කළමනාකරණය කරගනිමින් භාවිත කළ යුතු බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති, මහාචාර්ය ටී.එම්.ඩබ්ලිව්.ජේ. බණ්ඩාර මහතා මහතා පවසයි.
දුරදිග ගිය ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි
පිංවත්ත, ලෙස්ලි ගුණවර්ධන මාවත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
රජයේ ආයුර්වේද සංස්ථාවේ නම ව්‍යාජව යොදාගෙන ඖෂධ අලෙවි කළ ජාවාරමක් වටලයි
රජයේ ආයුර්වේද සංස්ථාවේ නාමය ව්‍යාජ ලෙස යොදා ගනිමින් ඖෂධ අලෙවි කළ ජාවාරමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.
ඉරානයේ කාග් දූපත අත්පත් කරගැනීමට හැකි බව ට්‍රම්ප් කියයි
තමාට ඉරානයේ තෙල් ලබාගත හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.
ඕමානයේ දී ඇල්ලූ 'මිදිගම චූටි' දිවයිනට රැගෙන එයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් අද (30) අලුයම දිවයිනට වෙත රැගෙන විත් තිබේ.
මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (30) දින 31ක් ගතවී ඇත.
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසුව වැසි
දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 115 සීමාව ඉක්මවා ගොස් තිබේ.