උණුසුම් පුවත්
ආහාර පිසීමේ නැකත උදාවෙයි
උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත පූර්වභාග 10.51ට යෙදී තිබේ.
ඒ අනුව රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරි බතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළඳ ද පිළියෙළ කර ගතයුතු බව නැකත් සීට්ටුවේ දැක්වේ.
පෙර වැරදි නිවැරදි කර ගෙන නව වසරකට පියවර තැබීය යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
අලුත් අවුරුද්දක උදාව යනු පෙර වැරදි නිවැරදි කර ගෙන නව වසරකට පියවර තැබීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සියලුම අඩුපාඩු, අතපසුවීම්, නිවැරදි කරගනිමින් යළිත් නව ගමනක් ආරම්භ කළ යුතුයි - දිලිත් ජයවීර
අතීතයේ සිදු වූ සියලුම අඩුපාඩු, අතපසුවීම්, නිවැරදි කරගනිමින් යළිත් නව ගමනක් ආරම්භ කිරීමට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අවස්ථාවක් සලසන බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරියගේ අලුත් අවුරුදු සුබ පැතුම
අලුත් අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් පමණක් නොව, එය අපේ සංස්කෘතික හර පද්ධතීන් තුළ පවතින සෞභාග්‍යය, සමගිය, සහජීවනය සහ අන්‍යෝන්‍ය සබඳතාවල නව පුනරුදයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
සාමුහිකත්වය සහ බෙදාහදාගැනීම ආදී ගුණාංගවලින් ජීවිතය අර්ථවත් කිරීමට කැප විය යුතුයි - ජනපති
සාමුහිකත්වය සහ බෙදාහදාගැනීම ආදී ගුණාංගවලින් තවදුරටත් අප ජීවිත අර්ථවත්කර ගැනීමට සියලු දෙනා කැප විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්ව භාග 09.32ට උදාවිය.
ඉරාන අමෙරිකා දෙවන වටයේ සාකච්ඡාවක් ඉදිරි සතියේදී
මැදපෙරදිග යුද්ධ අවසන් කර සාමය උදා කිරීම සම්බන්ධයෙන් දෙවන වටයේ සාකච්ඡා ඉදිරියේදී ඉස්ලාමභාද්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.
ලෙබනන්-ඊශ්‍රායල් සාකච්ඡාවලට රූබියෝගේ පැමිණීම තහවුරු කරයි
වොෂින්ටනයේ පැවැත්වෙන ලෙබනන සහ ඊශ්‍රායල තානාපතිවරුන් අතර හමුවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහභාගී වන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත.
මාරක අනතුරු කිහිපයක් - තිදෙනෙකුට දිවි අහිමි වෙයි
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
බීමත්ව සහ අපරික්ෂාකාරිව රිය ධාවනය නොකරන්නැයි පොලිසියෙන් ඉල්ලීමක්
අවුරුදු සමයේ බීමත්ව සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය නොකරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
මගී අවශ්‍යතාවය මත අදත් බස් ධාවනයේ යෙදවීමට පියවර
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මගී අවශ්‍යතාවය මත අද (14) දිනයේ ද සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක දී අල්ලයි
රුපියල් දෙකෝටි අට ලක්ෂ හැත්තෑ දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගන ආ විදෙස් ජාතිකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.
බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවට තවත් හෝරා කිහිපයයි
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) උදාවීමට නියමිතව තිබේ.
රාශි චක්‍රයේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුදු උදාව ලෙස සැලකෙයි.
මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් මෝටර් රථ දෙකක් පොලිස් භාරයට
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මෝටර් රථ දෙකක් ගණේමුල්ල ප්‍රදේශයේ දී අද (13) පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හෙට උදාවෙයි - පුණ්‍ය කාලයට තවත් හෝරා කිහිපයයි
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හෙට (14) උදාවීමට නියමිතව තිබේ.
දිට්වා නිසා ආපදාවට ලක් වූ දේපළවලට වන්දි ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක්
දිට්වා හේතුවෙන් ආපදාවට ලක් වූ නිවාස සහ ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා වන්දි ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වාදී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
අවුරුදු සතියේ අනතුරුවල ඉහළ යාමක්
අලුත් අවුරුදු සතිය තුළ අනතුරු හේතුවෙන් රෝහල් ගත වීමේ ඉහළ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
යුද්ධයෙන් ඉරාන සිසුන් සහ ගුරුවරුන් 345දෙනෙකු ජීවිතක්ෂයට
අමෙරිකාව සහ ඊශ්‍රායලය සිය රටට එල්ල කළ ප්‍රහාරවලින් සිසුන් සහ ගුරුවරුන් 345දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
බණ්ඩාරවෙල පාසලක විද්‍යාගාරයේ සිදුවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවිය කියන සංවේදී කතාව
පසුගිය මාර්තු 23 වෙනිදා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ බීකරයක් පිපිරීම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලැබූ බවට වාර්තා විය.
කාන්තාවකට පහර දුන් යුක්‍රේන ජාතික කාන්තාව අත්අඩංගුවට
ගල්කිස්ස ප්‍රදේශයේ දී යුක්‍රේන ජාතික කාන්තාවක් විසින් ශ්‍රී ලාංකික කාන්තාවකට පහර දී තිබේ.
තුෂාර උපුල්දෙණියගේ මානව හිමිකම් කඩවෙලා - මානව හිමිකම් කොමිසම
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගැනීම හා වැඩතහනම් කිරීම නිසි නීතිමය පටිපාටිය තුළ සිදුකර නොමැති බවත්, ඒ හේතුවෙන් ඔහුගේ මානව හිමිකම් කඩවී ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිගමනය කර තිබේ.
හන්තාන කටුසු කොන්ද ප්‍රදේශයේ අතරමං වූ පුද්ගලයකු බේරා ගනී
හන්තාන කඳු පන්තියේ "කටුසු කොන්ද" තරණය කිරීමට ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකු බේරාගැනීමට යුද හමුදාව සමත්ව තිබේ.
බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් බැලීමට විශේෂ අවස්ථාවක්
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
තරුණයෙකුට දිවි අහිමි කරමින් කළුතර දී මාරක අනතුරක්
කළුතර බණ්ඩාරගම මාර්ගයේ බණ්ඩාරගම දෙසට ධාවන වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.