උණුසුම් පුවත්
බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ
බලංගොඩ - පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක තිබි කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.
තමාට එරෙහිව විශ්වාසභංගයක් එනතුරු බලා සිටින අගමැතිනිය
සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විශ්‍රාම යනවාද?
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් 2026 අගදී සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවට පැතිර යන පුවත අසත්‍ය බව අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසන්ත පියතුමා පවසයි.
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
වීරකැටිය, කසාගල අධිවේගී පිවිසුම ආසන්නයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කාසල්රි සහ මාවුස්සාකැලේ ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළට
වියළි කාලගුණය හේතුවෙන්, කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් පවසයි.
යෝෂිතගේ නඩුව කල්යයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ජූනි මස 10 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
චීන දුම්වැටි තොගයක් සමග බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන්තොටුපොළින් පිටකරගෙන යමින් සිටි විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු අද (24) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු
සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය වාද්දූවේදී පිලී පැනීමකට ලක්වුවද, කාර්යාල දුම්රිය සේවා අවලංගු කිරීමකින් තොරව සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
බොරතෙල් මිල යළි ඉහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ.
සාගරිකා වාද්දූවේදී පීලි පනී
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමට ලක්ව තිබේ.
මැදපෙරදිග යුද්ධය මැදත් 2026 පළමු කාර්තුවේ අපනයන ආදායම සියයට 2කින් ඉහළ ගිහින්
මැදපෙරදිග යුද වාතාවරණය මධ්‍යයේ වුවත් පසුගිය මාර්තු මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 1,467ක අපනයන ආදායමක් උපයාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ස්ථීර සාම ගිවිසුමක් ගැන ට්‍රම්ප් ගෙන් ඉඟියක්
ඉදිරි වසර තුළ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ස්ථීර සාම ගිවිසුමකට එළඹීමේ වැඩි අවස්ථාවක් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීම අද මැදියම් රැයෙන් අවසන්
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (24) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
සාමයේ පාගමනේ තෙවන දිනය අදයි
"ඒහිපස්සිකෝ" සාම පාද යාත්‍රාවේ තෙවන දිනය අද (23) යි.
අදත් ප්‍රදේශ රැසකට මි.මී 75 ඉක්මවූ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (24) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊශ්‍රායල - ලෙබනන සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කෙරේ
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඉතිහාසය වෙනස්කළ තමිල්නාඩුවේ මහ මැතිවරණය
ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් මෙවර තමිල්ණාඩු මහ මැතිවරණයේදී 84.6%ක දැවැන්ත ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
වෙසක් සැමරුම වෙනුවෙන් මැයි 02 නිවාඩුව සංශෝධනය කෙරේ
2026 රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන මැයි 30 වැනිදා යොදාගෙන ඇති හෙයින්, එදිනට පසුදින රජයේ නිවාඩුවක් බවට ප්‍රකාශයට පත්කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.
අදාළ ගැසට් නිවේදනයට අනුව මැයි 2වැනිදාට යෙදී තිබූ නිවාඩුව, මැයි 31 ලෙසින් සංශෝධනය කර ඇත.
හෝමූස්වල පුපුරණ ද්‍රව්‍ය අටවන ඕනෑම ඉරාන යාත්‍රාවකට ප්‍රහාර එල්ල කරන්න - ට්‍රම්ප්
හෝමූස් සමුද්‍ර සන්ධියේ පුපුරණ ද්‍රව්‍ය අටවන ඕනෑම ඉරාන යාත්‍රාවකට ප්‍රහාර එල්ල කරන ලෙස ලෙසට සිය නාවික හමුදාවට අණකළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීම හෙටින් අවසන්
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට (24) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
චීනයේ පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන 05 ඉක්මවයි
ලොව නව නිපැයුම් සඳහා අදාළ නිල පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන 05 ඉක්මවූ මුල්ම රට බවට චීනය පත්ව තිබේ.
දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව ගැන මාර්ගෝපදේශ මාලාවක්
එළඹෙන වෙසක් සහ පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා පවත්වනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
ඇවිදින පුස්තකාල ටික ඩො.මි. 2.5ක් හැකර්වරුන්ට පූජා කළා - සජිත්
අමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක් හැකර් ප්‍රහාරයකට ලක්ව අහිමිවීම රටේ මූල්‍ය සුරක්ෂිතභාවය පිළිබඳ බරපතල ගැටලු මතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපතිට සහ මුදල් ලේකම්වරයාට චෝදනාවක්
මහා භාණ්ඩාගාරය විසින් විදේශ ණයක් පියවීම සඳහා ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීම හරහා සිදු වූ වංචාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම ජනාධිපතිවරයා ද වගකිව යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
දෙහිවල ටූ ටෝන් අත්අඩංගුවට
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ප්‍රබල පාතාල අපරාධ කල්ලි නායකයෙකු වන බඩෝවිට අසංකගේ ගෝලයකු වන දෙහිවල "ටූ ටෝන්" නැමැත්තා හෙරොයින් කිලෝ 03කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.