උණුසුම් පුවත්
ලෙබනනය සමග සෘජු සාකච්ඡා අරඹන්න ඊශ්‍රායලය සැරසෙයි
ලෙබනනය සමග හැකි ඉක්මනින් සෘජු සාකච්ඡා අරඹන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට කැබිනට් මණ්ඩලයට අද (9) නියෝගයක් ලබාදී ලබාදී තිබේ.
කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙකු ගුටිබැට හුවමාරුවක - තුවාල ලැබූ අයෙකු රෝහල් ගතකෙරේ
කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක්, ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග යාම හේතුවෙන් එක් මන්ත්‍රීවරයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
බාල ගල්අඟුරු ආනයනයෙන් රුපියල් බිලියන 100ක පාඩුවක් - ඩී.වී.චානක
බාල ගල්අඟුරු ආනයනය හේතුවෙන් රුපියල් බිලියන 100ක පමණ පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා අණාවරණය කළේය.
අමෙරිකානු - ඉරාන සාම සාකච්ඡා වෙනුවෙන් ඉස්ලාමාබාද්හි ආරක්ෂාව තර කෙරේ
අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා හේතුවෙන් පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දුම්රියවල වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන්ට වැඩවරදී
දුම්රිය තුළ සහ දුම්රිය ආපන ශාලා තුළ වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ මිල දර්ශක ප්‍රදර්ශනය නොකරන ව්‍යයාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
යුද්ධයෙන් මිය ගිය ඉරාන ජාතිකයින්ගේ සංඛ්‍යාව 3000 ඉක්මවයි
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් එරට පුද්ගලයින් 3,000කට අධික පිරිසක් මිය ගොස් තිබේ.
අලුත් අවුරුදු සමයේ විශේෂ දුම්රිය කිහිපයක්
එළඹෙන අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් එක් කර තිබේ.
NDB බැංකුවේ මූල්‍ය වංචාව ගැන රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මහබැංකුවෙන් කරුණු විමසයි
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව NDB බැංකුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව පිළිබඳ ශ්‍රී ලංකා මහබැංකුවෙන් කරුණු විමසීමක් සිදු කර තිබේ.
පාසල්වල සැමරුම් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මතක් කිරීමක්
පාසල්වල සංවිධාන කරනු ලබන උත්සව සහ විවිධ සැමරුම් අධික ලෙස මුදල් වැයකරමින් කටයුතු කරන සිද්ධීන් වාර්තාවී ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
කුෂ් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට
මොරගහහේන, කුඹුක ප්‍රදේශයේ දී කුෂ් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු නිවාඩුවට ගෙදර යන්න මාකුඹුරට එන මගීන්ට දැනුම්දීමක්
එළැඹෙන අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයෙන් මේ වනවිට අතිරේක බස්රථ සේවා යොදවා තිබේ.
තිරසාර ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය හරිනි කියයි
වත්මන් ආණ්ඩුවේ අරමුණ දරුවන්ට, කාන්තාවන්ට, වැඩිහිටියන්ට සහ ආබාධිත පුද්ගලයින්ට පහසුවෙන් සහ ගෞරවාන්විතව සේවා ලබාගත හැකි තිරසාර ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි
මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ කිරීම) වැඩි ඡන්ද 110කින් පාර්ලිමේන්තුවේදී අද (9) සම්මත විය.
තේ පොහොරවලට රුපියල් 5000ක අමතර සහනාධාරයක්
මාර්තු 31 වෙනිදා වනවිට QR ක්‍රමවේදය යටතේ පොහොර ලබාගැනීම සඳහා ගොවීන් 226,511 දෙනෙකු ලියාපදිංචිවී ඇති තිබේ.
අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය
දැනට පවතින අධි ආරක්ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නැවත පරීක්ෂා කර බලා අවශ්‍යතාවය පරිදි එම සීමා යාවත්කාලීන කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබේ.
නුවන් තුෂාරගේ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විරුද්ධ වෙයි
ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා විසින් ගොනු කළ පැමිණිල්ලට එරෙහිව විරෝධතා ගොනු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹ දිසා අධිකරණයට දැනුම් දුනි.
අවුරුදු සමයේ රුධිරයේ සීනී මට්ටම පාලනය කරගන්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්
අවුරුදු සමයේ රුධිරයේ සීනී මට්ටම පාලනය කරගැනීමට පියවර ගන්නා ලෙසට වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
නිරිත දිග මෝසම් කාලයේදී එල්-නිනෝ තත්ත්වයක් ඇතිවුවහොත් එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වාම නියං කාලයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගමට සහ පැලැන්වත්තට අද සහ හෙට පැය 12 ජල කප්පාදුවක්
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට (10) හෝමාගම සහ පැලැන්වත්ත ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනයේ තුවාල වූ පිරිස අතර ශ්‍රී ලාංකික කතක්
ලෙබනනයට ඊයේ (08) දිනයේ එල්ල වූ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික කාන්තාවකට ද සුළු තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.
පස්වන සහ හයවන සමාලෝචන සඳහා ශ්‍රී ලංකාව සමඟ IMF නිලධාරී මට්ටමේ එකඟතාවයකට
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ සිදුකෙරෙන ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර නිලධාරී මට්ටමේ එකඟතාවකට එළැඹ තිබේ.
වසර හතරක් තුළ විවිධ අර්බුද හමුවේ ආයතන ලක්ෂ දෙකකට වැඩි ගණනක් වහලා
2018 සිට 2022 දක්වා කාලය තුළ විවිධ හේතූ මත ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ වශයෙන් ආර්ථික කටයුතු කරනු ලබන ව්‍යාපාර ඇතුළත් ආයතන ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් වසා දමා ඇති බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.
ලෙබනනයට එල්ල කළ ප්‍රහාර එක්සත් ජාතීන්ගේ මහලේකම් දැඩි ලෙස හෙළා දකී
ඊශ්‍රායලය විසින් ලෙබනනය පුරා එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාර මාලාව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් දැඩි ලෙස හෙළා දැක තිබේ.
GMOA සමඟ සාකච්ඡා නෑ...ඇමති නලින්ද ස්ථාවරය කියයි
රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය අද (09) සිදුකිරීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
සිංහරාජයට පිවිසෙන කුඩව පිවිසුම හෙට සිට දින 6ක් වසා තැබේ
ලෝක උරුම සිංහරාජය වනාන්තරයේ කුඩව ප්‍රධාන පිවිසුම හෙට 10 වෙනිදා සිට 15 වෙනිදා දක්වා දින හයක් වසා තැබෙන බව සිංහරාජය වන පාලක කාර්යාලය පවසයි.