උණුසුම් පුවත්
කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුව සිදුවන අයුරු
දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ද ජල කප්පාදුවක් සිදුකෙරේ.
Orion යානය පෘථිවි කක්ෂය පසුකර සඳට තවත් ළංවෙයි
'ARTEMIS - II' මෙහෙයුම යටතේ ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් Orion අභ්‍යවකාශ යානය පෘථිවි කක්ෂය වටා පැය 23කට වැඩි කාලයක් ගමන් කිරීමෙන් අනතුරුව මේ වනවිට සඳ වෙත ගමන් කිරීම ආරම්භ කර තිබේ.
නාසා ආයතනය අද (3) පෙරවරුවේ නිවේදනය කර සිටියේ, Orion යානයට දින 4කින් සඳට ළඟා වීමට අවස්ථාව උදාවන බවය.
මහ සිකුරාදා දිනය අදයි
ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අදට යෙදි තිබේ.
ප්‍රදේශ කිහිපයකට හවසට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (03) දින 35ක් ගතවී ඇත.
රන් භාණ්ඩ කොල්ලකා කාන්තාවන් පාළු ළිඳකට දැමීමේ සිද්ධිය - සැකකරුවන් රිමාන්ඩ්
මඩකලපුව ප්‍රදේශයේ කාන්තාවන්ට නිර්වින්දන ඖෂධ ලබාදී පැහැරගෙන ගොස් රන් ආභරණ කොල්ලකා, පසුව ළිඳකට දැමීමේ අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ලෙස ප්‍රසාද් හේමන්ත කුමාර පත්කෙරේ
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රසාද් හේමන්ත කුමාර මහතා පත්කර තිබේ.
IMF නියෝජිත පිරිස කථානායක සහ පක්ෂ නායකයින් හමුවෙති
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා කළේය.
GMOA තීරණයට එරෙහිව සෞඛ්‍ය ඇමති තදින්
GMOA ආරම්භකළ වැඩ වර්ජනයට කිසිදු සාධාරණ පදනමක් නොමැති බවත්, එය හුදෙක් රජය අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් සිදු කරන්නක් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
පවතින කාලගුණික සහ දේශගුණික වෙනස්කම්, ඉදිරියේදී ඇති විය හැකි එල්නිනෝ තත්ත්වය සහ යල කන්නයේ වී වගාව ආරම්භ වීමත් සමඟ සිදු කළ යුතු ජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (02) පස්වරුවේ පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව නව හවුල්කාරිත්වයක් අරඹයි
ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය වේගවත් කිරීම සහ මධ්‍ය කාලීනව 7%ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම අරමුණු කරමින් ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය එක්ව ‘ශ්‍රී ලංකාව පිළිබඳ හවුල්කාරිත්ව රාමුව’ අද (02) දියත් කර ඇත.
අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම ගැන දැනුම්දීමක්
2026 වර්ෂයේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
දින 359කට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ සිටි පිල්ලෙයාන්ට අධිකරණ දුන් නියෝගය - සම්පූර්ණ විස්තරය මෙන්න
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිට අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නීතිපති උපදෙස් ලැබෙනතුරු රක්ෂිත බන්ධනාගාර කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.
අඛණ්ඩව පොහොර සැපයීම තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනපති කියයි
මැදපෙරදිග උද්ගතව ඇති යුදමය තත්ත්වය හමුවේ ගොවි ජනතාවට අඛණ්ඩව පොහොර සැපයීම තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
IMF නියෝජිත පිරිසක් ජනපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (02) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ඝාතන නඩු තුනකට සිව්දෙනෙකු පෝරකයට
මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් දිගු කාලයක් විභාග වූ නඩු තුනකට අදාළව නුවරඑළිය මහාධිකරණය විසින් සැකකරුවන් සිව් දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ ගුටි කෙළියක්
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සිදු වූ බව කියන පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය අරුණ කුමාර මහතා පවසයි.
දෙමළ පක්ෂ නියෝජිතයින් ජනපති හමුවෙයි
දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයෝ පිරිසක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
ගල්අඟුරු වංචාවට ජනපතිත් සම්බන්ධ බවට නාමල්ගෙන් චෝදනාවක්
ජනාධිපතිවරයා ගල්අඟුරු වංචාව සිදු කළ පුද්ගලයින් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.
ජපානයෙත් අමරපුර සංඝ සභාවක් පිහිටුවයි
ජපානය තුළ මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයත් සංඝ සභාවක් නිල වශයෙන් පිහිටුවා තිබේ.
පිල්ලෙයාන් රිමාන්ඩ්
සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (2) නියෝග කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත්කෙරේ
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් මානද යහම්පත් මහතා පත්කර ඇත.
බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල ප්‍රදේශවලට ජල කප්පාදුවක්
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ අද (02) සිට ලබන 10වෙනිදා දක්වා ප්‍රදේශ රැසක ජල සැපයුම අදියර වශයෙන් අත්හිටුවීමට සැලැසුම් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කෝටි 600කට අධික මත්ද්‍රව්‍ය රැගෙන ආ ධීවරයින් 6 දෙනාට රැඳවුම් නියෝග
ශ්‍රී ලංකා නාවික හමුදා අවේක්ෂණ මෙහෙයුමක් අතරතුර මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ධීවරයන් 6 දෙනාගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.
රිකාටන් රක්ෂිතයට ගිනිතැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට
හැටන්හි රිකාටන් වනවගා රක්ෂිතයට ගිනිතැබූ සැකකරුවෙකු හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.