උණුසුම් පුවත්

අනතුරුදායක ලෙස රිය පැදවූ තරුණයා අත්අඩංගුවට

කටුනායක, හීනටියන ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරතුර අන්තරාදායක අ‍යුරින් ‍රිය පැදවූ තරුණයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

(0)Comments | April 24, 2026  10:03 pm

රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

වැල්ලවාය, වීරසේකරගම ප්‍රදේශයේ පදිංචි කුකුල් ගොවිපලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගෙන් රු.15,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ හපුතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ, කම්කරු නිලධාරියෙකුට වසර 06ක සිර දඬුවම් නියම කර තිබේ.

(0)Comments | April 24, 2026  9:27 pm

Beauty of Sri Lanka ඡායාරූප ප්‍රදර්ශනය හෙට ලොස් ඇන්ජලිස් හිදී

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොවට ගෙන යන Beauty of Sri Lanka ඡායාරූප ප්‍රදර්ශනය හෙට (අප්‍රේල් 25) එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවරදී පැවැත්වීමට නියමිතය.

(0)Comments | April 24, 2026  9:11 pm

විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය කල් යයි

අප්‍රේල් 26 වනදා පැවැත්වීමට නියමිතව තිබූ විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය 2025 (2026) නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබේ.

(0)Comments | April 24, 2026  9:01 pm

සාමයේ පාද යාත්‍රාව කිලෝමීටර් 25ක් දුර ගෙවා අද මාවනැල්ලට

'ඒහිපස්සිකෝ' සාම පාගමන තුන්වැනි දිනය මාවනැල්ල බෙලිගම්මන රජමහා විහාරයෙන් අද (24) පස්වරුවේ අවසන් විය.

(0)Comments | April 24, 2026  8:10 pm

මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි - දිලිත් 

මහා භාණ්ඩාගාරයේ මුදල් හඳුනා නොගත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය හැකර්වරුන්ගේ ක්‍රියාවක් යැයි විශ්වාස කළ නොහැකි බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අවධාරණය කරයි.

(0)Comments | April 24, 2026  8:01 pm

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් සාමාන්‍ය ධාවනයට විවෘත කරයි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පහළ මාර්ගය සාමාන්‍ය දුම්රිය ධාවනයට ලබාදීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු පවසයි. 

(0)Comments | April 24, 2026  7:44 pm

හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි 

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනිකයන් අත්පත්කරගෙන ඇත්තේ විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. 

මූලික විමර්ශනවලදී මෙය අනාවරණ වූ බව ඔවුන් සඳහන් කරයි. 

(0)Comments | April 24, 2026  7:27 pm

මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවකට පැමිණි තරුණයෝ 

තරුණයන් පිරිසක් අද (24) මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. 

(0)Comments | April 24, 2026  6:33 pm

'සාගරිකාගේ' පීලි පැනීම සිල්පර පිටින් යයි ද?

සාගරිකා දුම්රිය පීලි පැනීම හේතුවෙන් කොන්ක්‍රීට් සිල්පරවලට හානි සිදුව ඇති අතර සිල්පරවල ඇති වූ ප්‍රශ්නයක් හේතුවෙන් මෙම දුම්රිය පීලි පැනීම සිදු වූයේ ද යන්න පිළිබඳව නිශ්චිතවම සඳහන් කළ නොහැකි බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි.

(0)Comments | April 24, 2026  6:03 pm

හැකර්වරුන් ගත්ත රජයේ ඩොලර් මිලියන 2.5 ගැන රජයෙන් විධිමත් ප්‍රකාශයක් නෑ - විපක්ෂනායක

හැකර්වරුන්ගේ ග්‍රහණයට නතු වූ ඩොලර් ලක්ෂ 25ක මුදල ගැන තවමත් රජය විසින් විධිමත් ප්‍රකාශයක් සිදුකර නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | April 24, 2026  5:51 pm

සාකච්ඡා සඳහා ඉරාන විදේශ අමාත්‍යවරයා අද පාකිස්තානයට යන ලකුණු 

ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි අද (24) පාකිස්තානයේ ඉස්ලාමාබාද් වෙත පැමිණීමට අපේක්ෂා කරන බවට මැදපෙරදිග කලාපීය මාධ්‍ය වාර්තා පවසයි. 

(0)Comments | April 24, 2026  5:48 pm

ID ඔෆිස් එකේ නම භාවිත කරමින් සිදු වන මූල්‍ය වංචාවක තොරතුරු හෙළි වෙයි 

සිය 011 52 26 126 ක්ෂණික දුරකථන අංකය භාවිත කරමින් කිසියම් පාර්ශ්වයක් විසින් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගන්න බවට හා මූල්‍යමය වංචා සිදුකරන බවට තොරතුරු වාර්තාවී ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | April 24, 2026  4:54 pm

බාධා වූ මුහුදුබඩ දුම්රිය ධාවනයට විකල්ප ලෙස ලංගම බස් රථ

අද (24) උදෑසන සිදුවූ සාගරිකා දුම්රිය පිලී පැනීමෙන් මතුව ඇති මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා විකල්ප ලෙස ලංගම බස් රථ යෙදවීමට පියවර ගෙන ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සංජීව කනකරත්න මහතා පවසයි.

(0)Comments | April 24, 2026  4:16 pm

ඉරාන විදේශ අමාත්‍ය හා පාකිස්තාන බලධාරීන් අතර දුරකතන සංවාදයක්

පාකිස්තාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය ඉෂාක් ඩාර් සහ පාකිස්තාන හමුදා අණදෙන නිළධාරී ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් සමඟ ඉරාන විදේශ අමාත්‍යවරයා මෙලෙස දුරකතන සංවාදයක නිරතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

(0)Comments | April 24, 2026  4:13 pm

මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු

පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර දින දෙකක් ඇතුළත් එහි ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පවසයි.

(0)Comments | April 24, 2026  2:55 pm

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වත්මන් තත්ත්වය මෙන්න

පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමකට ලක්ව තිබුණේ වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදීය.

(0)Comments | April 24, 2026  2:09 pm

මෛත්‍රී වික්‍රමසිංහගෙන් CIDය ප්‍රකාශයක් සටහන් කරගනී 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

(0)Comments | April 24, 2026  1:52 pm

පාස්කු නඩුවට අදාළව හිටපු පොලිස්පති පූජිත්ගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් කළ ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) ප්‍රතික්ෂේප කළේය. 

(0)Comments | April 24, 2026  1:47 pm

වෙසක් පොහොයට දන්සල් පවත්වන පාර්ශ්වයන්ට PHI වෙතින් දැනුම්දීමක්

එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත දන්සල් මේ වන විට  ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

(0)Comments | April 24, 2026  1:35 pm

හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට ඇප

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිතා කළ බවට වන චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

(0)Comments | April 24, 2026  1:24 pm

අද පස්වරුවේ ප්‍රබල අකුණු සහිත වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ රැසක අද (24) පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | April 24, 2026  1:09 pm

ආරක්‍ෂක ලේකම්, UN සහකාර මහලේකම් නිව්යොර්ක් හිදී හමුවෙයි

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා, එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කලීඩ් කියාරි මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

(0)Comments | April 24, 2026  1:02 pm

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරය ගැන CIDයට පැමිණිල්ලක් 

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව විෂය භාර අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.

(0)Comments | April 24, 2026  1:00 pm

රුපියලේ අගය තවත් පහළට - ඩොලරය රු. 317 පනී

මෑත කාලයේ දී එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබෙන ඉහළම රුපියල් අගය අද (24) දින වාර්තා වී තිබේ.

(0)Comments | April 24, 2026  12:53 pm