උණුසුම් පුවත්
ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අවසන්
මධ්‍යම කඳුකරයේ වතුකර ප්‍රදේශවල ඉන්දීය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අද (19) නිල වශයෙන් අවසන් වී තිබේ.
සාම සාකච්ඡා සඳහා අමෙරිකානු නියෝජිතයින් හෙට පාකිස්තානයට
ඉරානය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා අමෙරිකානු නියෝජිතයින් හෙට (20) පාකිස්තානයේ ඉස්ලාමාබාද් වෙත පැමිණෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (19) තහවුරු කළේය.
ඉන්දීය උප ජනාධිපති සහ විපක්ෂ නායක අතර හමුවක්
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (19) කොළඹදී පැවැත්විණි.
ජනපති අමරපුර මහා නිකායේ මහා නාහිමි බැහැදකී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කර ගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
2026 ඉන්දීය රූ රැජිණ කිරුළ සාධ්වී සතිෂ් සේල්ට
61 වන වරටත් පැවැත්වුණු Femina Miss India World 2026 තරඟයේදී ඉන්දියාවේ නව රූ රැජිණ ලෙස කිරුළ පැළඳීමට ගෝව ප්‍රාන්තය නියෝජනය කළ සාධ්වී සතිෂ් සේල් සමත් වූවාය.
හෙට ප්‍රදේශ රැසකට මි. මී. 75ට වැඩි වැසි
හෙට (20) දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තාවකාලිකව අත්හිටවූ ID ඔෆිස් එකේ මහජන සේවාවන් හෙට සිට යථා තත්ත්වයට
තාවකාලිකව අත්හිටවනු ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් හෙට (20) සිට නැවත ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රු. මිලියන 441 ඉක්මවයි
අලුත් අවුරුදු සමයේ 10 වෙනිදා සිට 18 වෙනිදා දක්වා අධිවේගී මාර්ග භාවිතා කළ රථ වාහන වලින් රුපියල් මිලියන 441 කට වැඩි මුදලක් උපයා ගැනීමට හැකි වූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පවසයි.
අධිවේගයේ මුදාගැනීමේ මෙහෙයුම්වලට ගුවන් හමුදාව එයි
අධිවේගී මාර්ගවල මුදාගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් අනුයුක්ත කර තිබේ.
හෙටත් පළාත් කිහිපයක උණුසුම ඉහළට
හෙට (20) දිනයේ දී පළාත් කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කළ යුතු " මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසයි.
විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 19ක් අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් ඊයේ (18) දිනට අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 19ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්අඟුරු විගණන වාර්තාව නීතිපතිට දෙන්න - සජබය ඉල්ලයි
ගල්අඟුරු වංචාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරන විගණන වාර්තාව පාර්ලිමේන්තුව මගින් නීතිපතිවරයාට වහාම බාර දෙන ලෙස සමගි ජන බලවේගය ඉල්ලීමක් කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඉන්දීය උප ජනපති, අගමැති හරිනි හමුවෙයි
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා අද (19) කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා පැවත්වා තිබේ.
මැලේසියාවේ ගින්නකින් නිවාස 200ක් විනාශ වෙයි
මැලේසියාවේ සාබාහ් ප්‍රාන්තයේ වෙරළබඩ ගම්මානයක ඇති වූ ගින්නකින් නිවාස 200ක් පමණ විනාශවී තිබේ.
සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්
ඉන්දුනීසායාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.
බලශක්ති ඇමති සහ අමාත්‍යාංශ ලේකම්ගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගල් අඟුරු සම්බන්ධව සිදුකෙරන විමර්ශන හේතුවෙන් ඉල්ලා අස්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම්ව සිටි උදයංග හේමපාල මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉන්දීය උප ජනපති රාධක්‍රිෂ්ණන්, ජනපති අනුරව හමුවෙයි
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය එක්ස් සටහනක් තබමින් සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බවය.
බස් එකේ දී නාඳුනන පුද්ගලයින් සමඟ ගනුදෙනු පරිස්සමින්
කෙටි ආහාර හා බීම වර්ගයක් ලබා දී මුදල් හා රන් භාණ්ඩ සොරකම් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
දුම්රියේ ගැටීමෙන් විදෙස් තරුණියක් ජීවිතක්ෂයට
බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් රුසියානු ජාතික තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එප්පාවල ප්‍රදේශයෙන් මතු වූ ජීව අත්බෝම්බය
නබඩවැව පාලම අසල ඊයේ (18) පස්වරුවේ දිය නෑමට පැමිණ පුද්ගලයෙකුට වැව තුළ තිබී ජීව අත්බෝම්බයක් හමුවී ඇති අතර, ඒ පිළිබඳ එප්පාවල පොලීසිය දැනුම්වත් කර ඇත.
පවුලේ අවුරුදු උත්සවයකට සහභාගී වූ සිඟිත්තිය ජල තටාකයකට වැටී මරුට
පවුල් කිහිපයක පිරිසක් විසින් එක්ව පැවැත්වූ අවුරුදු උත්සවයකට සහභාගී වූ කුඩා දැරියක් ඊයේ (18) සවස පිළියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයකට වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රදේශ කිහිපයක් සඳහා අද (19) සවස 1න් පමණ පසුව ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මුලතිව් දිස්ත්‍රික් රෝහලේ ගණකාධිවරයෙකු සහ කළමණාකරණ සහකාරවරයෙකු අල්ලස් දැලේ
මුලතිව් දිස්ත්‍රික් රෝහලේ ගණකාධිවරයෙකු සහ කළමණාකරණ සහකාරවරයෙකු රුපියල් තිස්දහසක මුදලක් ලබාගැනීමේ අල්ලස් චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩියෙන් සල්ලි ගන්න සහ ටිකට් නොදෙන බස් ගැන පැමිණිලි කරන්න
අධික ලෙස මුදල් අය කරන සහ ටිකට් පත් ලබා නොදෙන බස්රථ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන් ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.
ඊශ්‍රායලය විසින් අමෙරිකාව යුද්ධයට ඇද දැමූ බවට කමලා හැරිස්ගෙන් චෝදනාවක්
ඊශ්‍රායලය විසින් අමෙරිකාව ඉරාන යුද්ධයට ඇද දැමූ බව අමෙරිකාවේ හිටපු උප ජනාධිපති කමලා හැරිසන් පවසයි.