උණුසුම් පුවත්
කියන්නෙම නැතුව කරන්ට් එක කපනවා ද?
පවතින බලශක්ති අර්බුදය හමුවේ මෙතෙක් රජය විදුලි කප්පාදුවක් සිදුකර නොමැති බවත් විටින් විට සිදුවන විසන්ධි වීම් විදුලිය බිඳවැටීම් බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශේෂ මෙහෙයුමක්
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත පැය 2ක් තුළ සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකපිට පුද්ගලයන් 80ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සිංගිමලේ රක්ෂිතයේ අතරමං වු ලූනාව බේරාගත් පොලිස් මෙහෙයුම
හැටන් සිංගිමලේ රක්ෂිතයේ කදු මුදුනේ අතරමංව සිටි නෙදර්ලන්ත තරුණියක් හැටන් පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.
සහන පැකේජයට කැබිනට් අනුමැතිය
රජය විසින් හඳුන්වා දී ඇති නව ආර්ථික සහන පැකේජයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව අදාළ සහන පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා අද (07) දහවල් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සඳ ගමනට එක්වූ ගගනගාමීන්ට ට්‍රම්ප්ගෙන් සුබපැතුම්
සඳ වටා කක්ෂගතව සිටින Artemis ගගනගාමීන් ඉතිහාසයක් නිර්මාණය කර ඇති බව පවසමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන්ව අමතා සුබපැතුම් එක් කර තිබේ.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (07) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරය පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය
ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නීතිවිරෝධීව ගෙන ආ ඖෂධ තොගයක් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන හා රුපියල් කෝටියක් පමණ වටිනා ඖෂධ තොගයක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
වසරේ ගත වූ කාලය තුළ මාරක අනතුරු 676ක්
වාර්ෂිකව සිදුවන මාර්ග අනතුරුවල ක්‍රමානකූල ඉහළයාමක් පෙන්නුම් කරන බව පොලිසිය පවසයි.
මෙරට මත් ජාවාරමේ යෙදෙන සංවිධානාත්මක අපරාධකරුවන් 23ක් හඳුනා ගැනේ
මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන සංවිධානාත්මක අපරාධකරුවන් 23දෙනෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවා
අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ.
ඉරානය එක රැයකින් විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්
ඉරානය එක රැයකින් විනාශ කර දැමිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
හඳ මෙහෙයුමට එක්වූ ගගනගාමීන්ගෙන් වාර්තාවක්
ආටෙමිස් II (Artemis) මෙහෙයුමට එක්ව සිටින ගගනගාමීන් මිනිස් ඉතිහාසයේ ප්‍රථිවියේ සිට ගිය වැඩිම දුර ප්‍රමාණය පසුකරමින් නව වාර්තාවක් පිහිටුවා තිබේ.
අද සවස 1න් පසුව තැන තැන වැසි
උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අදට (07) දින 39ක් ගත්වී තිබේ.
සයිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළට
සයිනොපෙක් සමාගම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළ දමා තිබේ.
ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ මෙහෙයුම් කමිටුව රැස්වෙයි
සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ මෙහෙයුම් කමිටුවේ තෙවැනි රැස්වීම අද (06) පවත්වා තිබේ.
ඉරානය සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කරයි
ආමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ඉදිරිපත් වූ සටන් විරාම යෝජනාව ඉරානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ජන හා නිවාස සංගණනය 2024 අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි
ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය 2024ට අදාළ අවසන් වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් භාර දී තිබේ.
සලේගේ රීට් පෙත්සමේ සම්පූර්ණ විස්තරය මෙන්න
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ.
රුපියල් 45,000ක අල්ලස් මුදලක් ලබාගත් තැරැව්කරු අත්අඩංගුවට
රුපියල් හතළිස් පන්දහසක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් තැරැව්කරුවෙකුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
ඉරානය, පාපන්දු ලෝක කුසලානයට සහභාගී වීම අවිනිශ්චිතයි
පවතින අමෙරිකා - ඉරාන යුදමය වාතාවරණය හමුවේ, තම රටේ ලෝක කුසලාන පාපන්දු තරග අමෙරිකා එක්සත් ජනපදයෙන් බැහැර කර මෙක්සිකෝව වෙත ලබාදෙන්නේ නම් පමණක් ඉරානය මෙවර ලෝක කුසලානයට සහභාගී වන බව එම රටේ ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.
හෝමාගම ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12ක ජල කප්පාදුවක්
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ හෙට (07) හෝමාගම කලාප අංක 02 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
උත්සව සමයේ දී සිදුවන බරපතළ වංචා ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා, දත්ත සොරකම් කිරීම වැනි නීතිවිරෝධී ක්‍රියාවල නිරතව සිටින අපරාධකරුවන් විසින් විවිධ උපක්‍රම භාවිතා කරමින් ජනතාවගේ මුදල් හා සංවේදී තොරතුරු වංචනිකව ලබාගැනීම වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ඇති බව පොලීසිය පවසයි.
ඉන්දීය උප ජනාධිපතිවරයා මෙරට සංචාරයක
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ යන මහත්වරු අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පස්වරුවේ පවත්වා තිබේ.