උණුසුම් පුවත්
නොනවතින යුද ගැටුම් මැද ඉහළ යන ඉන්ධන සහ ගෑස් මිල
වර්තමාන භූ-දේශපාලනික තත්ත්වය මත, අමෙරිකා-ඉරාන යුදමය ගැටුම ගෝලීය බලශක්ති වෙළෙඳපොළට සහ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින අතර එයින් ලෝක ආර්ථිකය දරුණු ලෙස කඩාවැටීමකට ලක්වෙමින් පවතින බව ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.
IMF නියෝජිතයන් සහ හඳුන්නෙත්ති අතර සාකච්ඡාවක්
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් අද (06) පවත්වා තිබේ.
බෙඩ්ෂීට් ගෙන්වන මුවාවෙන් මෙරටට ගෙන්වූ විදෙස් දුම්වැටි තොගයක් රේගු දැලේ
නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ විදෙස් දුම්වැටි 3,380,000ක් වැටලීමට ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සමත්ව තිබේ.
ජනපති බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙයි
ATM යන්ත්‍ර මගින් මුදල් ගනුදෙනු කිරීමේ සේවාව ලබාදීමේදී බැංකු පද්ධතියට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
අලුත් අවුරුද්දට මෙට්‍රික් ටොන් 7,000ක ලාෆ්ස් ගෑස් නැවක්
එළැඹෙන උත්සව සමය වෙනුවෙන් මෙට්‍රික් ටොන් 7,000ක LPG ගෑස් නෞකාවක් දිවයිනට පැමිණ ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.
ඩීසල් බැරල් 22ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
කලමුණේ, මාදවන් පාරේ ව්‍යාපාරිකයෙකු සතුව සඟවා තිබූ ඩීසල් ලිටර් 4,620ක් සහිත බැරල් 22ක් කල්මුණේ මූලස්ථාන පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
මේ සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි බදාදා නිවාඩුව අවලංගු කෙරේ
මෙම සතියේ සිට ක්‍රියාත්මකවන පරිදි බදාදා දින රජයේ නිවාඩුව අවලංගු කිරීමට තීරණය කර තිබේ.
උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත් සහ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.
පාසල තුළින් බලශක්තිය සුරකින්න නව චක්‍රලේඛයක්
පාසල තුළින් බලශක්ති සංරක්ෂණ සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණෙන් 'සුරකිමු ලංකා පාසල් බලශක්ති සුරක්ෂිත වැඩසටහන' හඳුන්වාදීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
විශේෂඥ වෛද්‍යවරයාගේ රෝහල් තනතුරු ඉවත් කරලා - GMOA
මෙරට රෝහල් කිහිපයක විශේෂඥ වෛද්‍යවරයාගේ රෝහල් තනතුරු ඉවත් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පසුගිය වසරේදී ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි ගණන 10,000 ඉක්මවයි
පසුගිය 2025 වසරේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 10,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
උත්සව සමයේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක්
එළැඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව උදෙසා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරේ ජීවිත බේරූ මිහිපිට දෙවිවරු
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ වැලිපැන්න පිවිසුම අතර අද (06) අලුයම නවතා තිබූ කන්ටේනර් රථය සිමෙන්ති කුඩු ප්‍රවාහනය කරන බවුසර් ටැංකියක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබුණි.
ගල්අඟුරු ලංසු කැඳවයි
ලක්විජය බලාගාරයේ 2026/2027 වාරය සඳහා ගල්අඟුරු සැපයුම්කරුවෙක් තෝරා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමක් සිදුකර තිබේ.
මීළග පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කෙරේ
පාර්ලිමේන්තුව හෙට (07), 09 සහ 10 දිනවල රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
ඉරාන යුද්ධයට සටන්විරාමයක්
ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
වැස්ස ගැන කාලගුණයෙන් කළ අලුත්ම පුරෝකථනය
මැයි මාසය හෝ ජුනි මාසය වනවිට සුපුරුදු වර්ෂාපතනය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි පුරෝකථනය කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.
අලුත් අවුරුද්දට QR එන හැටි ජනපති කියයි
සමාජයට කාර්යක්ෂම දේ වැලඳගැනීමට අවශ්‍ය උත්තේජනය නිලධාරීන් විසින් ලබාදිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඝාතනයට ලක්වූ, ඝාතන සිද්ධියක සාක්ෂිකරුගේ දේහය ගොඩගනී
2021 වසරේ සිදුවූ ඝාතන සිද්ධියක ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකරු වන, ඝාතනයට ලක්වූ සඳුන් උදාර අල්විස් හෙවත් ''හාවා'' නැමැත්තාගේ දේහය අද පෙරවරුවේ ගොඩගනු ලැබීය.
රයිස් - කොත්තු - රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
පැලැන්වත්ත හා අවට ප්‍රදේශවලට අද රෑ 8 සිට පැය 12ක ජල කප්පාදුවක්
පවතින වියළි කාලගුණය හේතුවෙන් සිදුකරන ජල සැපයුම් කළමනාකරණය හමුවේ අද (06) ප.ව. 8.00 සිට හෙට (07) පෙ.ව 08.00 දක්වා පැලැන්වත්ත හා ඒ අවට ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.
කෝටි එකොළහක කුෂ් සමග පුද්ගලයෙක් කටුනායකදී අල්ලයි
රුපියල් එකොළොස් කෝටි තිස් හතර ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (06) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීම - සජීව විකාශය
මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය"ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබේ.
විදුලි සැර වැදී පුද්ගලයෙකු මරුට
දඹුල්ල, වෑවලවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.