උණුසුම් පුවත්

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය බහාළු බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

(0)Comments | March 31, 2026  6:39 pm

හිටපු ඇමතිවරයෙක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

1999 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ සිදුවූ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා පත්‍රයක් බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) ඉවත දැමීමට තීන්දු කර තිබේ.

(0)Comments | March 31, 2026  6:27 pm

ඉරානයට එරෙහි යුද්ධයට සහාය නොදෙන රටවලට ට්‍රම්ප්ගෙන් දැඩි විවේචන

ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය ක්‍රියාමාර්ග සඳහා එක්වීම ප්‍රතික්ෂේප කර ඇති රටවල් ඉලක්ක කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් සිය විවේචන එල්ල කර තිබේ.

(0)Comments | March 31, 2026  5:53 pm

මාර්තු ගෙවුණු දින 29ට සංචාරකයින් 175,661ක් මෙරටට ඇවිත්

මාර්තු මාසයේ ගෙවී ගිය දින 29 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 175,661ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

(0)Comments | March 31, 2026  5:49 pm

නිල සංචාරයක් සඳහා රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු ඇමති දිවයිනට

රුසියානු රජයේ නියෝජ්‍ය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය අන්ද්‍රේ රුඩෙන්කෝ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද (31) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

(0)Comments | March 31, 2026  5:29 pm

මාර්තු මාසයේ කොළඹ උද්ධමනය සියයට 2.2ක් දක්වා ඉහළට

අද (31) දින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 මාර්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

(0)Comments | March 31, 2026  5:20 pm

කොළඹ සහ කොළොන්නාව නගර සභා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

නීතියට පටහැනි ලෙස මීතොටමුල්ල "පොතුවිල් කුඹුර" නමැති භූමියේ කැලිකසළ බැහැර කිරීම තුළින් කොළඹ මහ නගර සභාව සහ කොළොන්නාව නගර සභාව එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

(0)Comments | March 31, 2026  5:11 pm

හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතුන් දෙදෙනාට ඇප

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුතුන් දෙදෙනාට සහ සතොස හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයාට හා හිටපු ප්‍රවාහන කළමනාකරුට මීගමුව මහාධිකරණය මගින් ඇප ලබා දී තිබේ.

(0)Comments | March 31, 2026  4:25 pm

හෙට ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල්

හෙට (01) දිනයේ එනම් අප්‍රේල් 01 වෙනිදා ඔත්තේ සහ ඉරට්ටේ යන අංක දෙකම සහිත රථ වාහන සඳහා ඉන්ධන ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

(0)Comments | March 31, 2026  4:17 pm

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඇමති නලින්දගෙන් සැර පිළිතුරක්

රජය විසින් විධිමත් ස්ථානමාරු ක්‍රියාවලියක් සකස් කර ක්‍රියාත්මක කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

(0)Comments | March 31, 2026  4:10 pm

සජින් වාස්ට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

(0)Comments | March 31, 2026  3:44 pm

රජය වී මිලදී ගත් ප්‍රමාණය ඇමති නලින්ද හෙළි කරයි

මේ වන විට ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 61,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

(0)Comments | March 31, 2026  3:34 pm

බලශක්ති අරපිරිමැස්ම යටතේ එළැඹෙන වෙසක් සහ පොසොන් ආගමික උත්සවවලට කුමක් වෙයිද?

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය යටතේ මෙරට මතුව ඇති බලශක්ති අර්බුද හමුවේ එළැඹෙන මාසයන් හිදී පැවැත්වෙන ආගමික උත්සව සඳහා කිසිදු විදුලි සීමා කිරීමක් සිදු නොකරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

(0)Comments | March 31, 2026  3:11 pm

රාජ්‍ය වෙසක් උත්සවය මාතරදී - තවත් කැබිනට් තීරණය කිහිපයක්

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර, තිහගොඩ පිහිටි ඓතිහාසික මිදෙල්ලවල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

(0)Comments | March 31, 2026  3:09 pm

මඩකලපුවේ පාළු ළිඳට දමා ඝාතනය කිරීමට උත්සාහ කළ කාන්තාවගෙන් පාපොච්චාරණයක්

රන් භාණ්ඩ කොල්ලකා මඩකලපුවේ පාළු ළිඳකට දමා තිබියදී දිවි බේරාගත් කාන්තාව විසින් පාපොච්චාරණයක් සිදුකර තිබේ.

(0)Comments | March 31, 2026  2:51 pm

කැබිනට් තීරණ මෙතැනින්

කැබිනට් මාධ්‍ය හමුව මේ වන විට ආරම්භ වී තිබේ.

(0)Comments | March 31, 2026  2:45 pm

ඉරානයේ රජයට පක්ෂපාතී පිරිසට අන්තර්ජාලය භාවිතයට අවස්ථාව

ඉරානය තුළ අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම විසන්ධි කර අදට දින 32ක් ගත වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

(0)Comments | March 31, 2026  2:32 pm

යූරියා පොහොර තොගයක් මාතරින් වටලයි

යූරියා පොහොරවල සඳහන් නියමිත මිල මකා දමා, කූඨ ලෙස තොරතුරු වෙනස් කර විකිණීම සඳහා සූදානම් කර තිබූ ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.

(0)Comments | March 31, 2026  1:45 pm

රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම සිකුරාදා සිට ඩිජිටල් වෙයි

කොළඹ වරායේ සිට බහාලුම් පරීක්ෂණ අංගන 3 සඳහා බහාලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය එළැඹෙන සිකුරාදා (03) සිට මාර්ගගත ක්‍රමයට සිදුකරන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අදාළ පර්ශවකරුවන් දැනුම්වත් කිරීමේ අද (31) පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ මෙම ක්‍රමවේදය හරහා...

(0)Comments | March 31, 2026  1:42 pm

කොත්මලේ ජලාශයේ ජල ධාරිතාවය සියයට 21.8ක් දක්වා පහළට

කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට මෙම දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ඊයේ (30) උදෑසන 6 වනවිට කොත්මලේ ජලාශයේ ජල මට්ටම 21.8%ක් දක්වා පහළ වැටී ඇති බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පැවසීය.

(0)Comments | March 31, 2026  1:32 pm

සිසුවෙකුට පහරදුන් සිසුන් තිදෙනා සුරැකුම් මධ්‍යස්ථානයකට

හැටන් නගරයේ ප්‍රධාන පාසලක සිසුවෙකුට පහරදීම සම්බන්ධයෙන් වූ සිද්ධියේදී පොලිස් භාරයට ගැනුණු සිසුන් තිදෙනා එළඹෙන අප්‍රේල් 06 වැනිදා දක්වා වේරලවත්ත ළමා සුරැකුම් මධ්‍යස්ථානය වෙත භාර දෙන ලෙස නියෝග කර තිබේ.

(0)Comments | March 31, 2026  12:40 pm

උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථානමාරුවීම්

උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

(0)Comments | March 31, 2026  12:38 pm

නුදුරේදීම සංවිධානාත්මක අපරාධකරුවන්ටම පමණක් වෙන් වූ ප්‍රබල නීතියක්

තව සති දෙකක් ඇතුලත සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් පමණක්ම ක්‍රියාත්මක වන පරිදි සැකසූ ඉතාම ප්‍රබල නීති සහිත නව පනතක් ගෙන එනු ලබන බව මධ්‍යම අපරාධ විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා පවසයි.

(0)Comments | March 31, 2026  12:10 pm

සජින් වාස් අධිකරණයට

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද (31) අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

(0)Comments | March 31, 2026  11:35 am

හොර රහසේ කොතළහිඹුටු රැගෙන ගිය චීන ජාතිකයා රේගු දැලේ

කොතළහිඹුටු තොගයක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයෙකු අද (31) දින අලුයම කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | March 31, 2026  11:01 am