උණුසුම් පුවත්

රටම එකට දෛනික මෙහෙයුමෙන් පුද්ගලයින් 906ක් අත්අඩංගුවට

රටම එකට දෛනික සෝදිසි මෙහෙයුම් මාලාව යටතේ ඊයේ (04) දිනයේදි සිදුකළ මෙහෙයුම් මගින් පුද්ගලයින් 906ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

(0)Comments | April 5, 2026  12:29 pm

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ උතුරුමැද පළාත් සහ අම්පාර දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | April 5, 2026  12:17 pm

ලක්ෂ 36කට අධික විදෙස් දුම්වැටි සමග චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙනවිත් කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිට කරගෙන යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | April 5, 2026  12:03 pm

ඉන්ධන පිරවුම්හල්හිමියන් හෙට තෙල් සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධයක

ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල්හිමියන් හෙට (06) පෙරවරු 9.30 සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පවත්වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

(0)Comments | April 5, 2026  11:28 am

ඕනෑම සාධාරණ වර්ජනයකට විසඳුම් ලබා දිය හැකි බව ඇමති නලින්ද කියයි

සෑම ගැටලුවකටම විසඳුම් ලබාදීමට රජයට හැකියාව පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

(0)Comments | April 5, 2026  11:22 am

පාදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට අද පස්වරුවේ සිට පැය 12ක ජල කප්පාදුවක්

පාදුක්ක සහ අවට ප්‍රදේශවලට අද පස්වරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කෙරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ජල පෝෂක ජලාශ මගින් ක්‍රියාත්මක ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහළ යන බැවින් නිෂ්පාදනය සීමා කර ඇති බවය.

(0)Comments | April 5, 2026  11:02 am

අද දහවල් 12.13ට ප්‍රදේශ කිහිපයක කාලගුණයේ සිදුවන වෙනස

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ වෙත අන්තර් මෝසම් වැසි ඇද හැළෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | April 5, 2026  10:44 am

අතුරුදන් වූ අමෙරිකානු ගුවන් නියමුවා බේරා ගැනේ

ඉරානය විසින් අමෙරිකානු ප්‍රහාරක යානයක් වෙඩි තබා බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි අමෙරිකානු ගුවන් නියමුවා මුදාගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

(0)Comments | April 5, 2026  10:31 am

එක මනුස්සයෙක් ලෝකය පාලනය කරන්න තියන ආශාව නිසා මනුෂ්‍ය වර්ගයාටම ලොකු වේදනාවක් - කාදිනල් හිමිපාණන්

මේ වන විට ලෝක සාමය බිඳී ඇති බවත් එක් මනුෂ්‍යයෙකු ලෝකය පාලනය කිරීමට පවතින ආශාව හේතුවෙන් සමස්ත මනුෂ්‍ය වර්ගයාටම වේදනාවක් හටගෙන ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

(0)Comments | April 5, 2026  9:15 am

හෝමාගමට අද පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම ප්‍රදේශයට අද උදෑසන 08.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.

(0)Comments | April 5, 2026  8:01 am

ඉරානයේ අදූරදර්ශී හමුදා නායකයින් ඝාතනය කළ බව ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් 

ටෙහෙරානයට එල්ල කළ ප්‍රහාරවලින් ඉරානය අදූරදර්ශී ලෙස මෙහෙයවූ හමුදා නායකයින් රැසක් ඝාතනය කර කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 

(0)Comments | April 5, 2026  8:01 am

GMOA වෛද්‍ය වර්ජනය අදත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (05) දිනයේදීත් ක්‍රියාත්මක වේ.

(0)Comments | April 5, 2026  7:34 am

මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අදට (05) දින 37ක් ගත්වී තිබේ. 

(0)Comments | April 5, 2026  7:19 am

ශක්තිමත් රාජ්‍යයක් සහ සමාජයක් නිර්මාණය කිරීම පොදු වගකීමයි - සජිත්

විශ්වාසය හා සාමය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | April 5, 2026  7:13 am

සහෝදරත්වයෙන් හා සාමයෙන් රට ගොඩනැඟීමට අත්වැල් බැඳගත යුතුයි - අග්‍රාමාත්‍යවරිය

සියලු භේදයන් දුරු කර, සහෝදරත්වයෙන් හා සාමයෙන් යුත් එක් මානව පවුලක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමට අත්වැල් බැඳගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

(0)Comments | April 5, 2026  6:56 am

සියලු භේද දුරලා එකම ශ්‍රී ලාංකික පවුලක් ලෙස ඉදිරියට යමු - ජනපති

ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙහි දැක්වෙන පරිදි හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් සහ සමාව දීමේ උතුම් ගුණයෙන් සියලු භේද දුරලා එකම ශ්‍රී ලාංකික පවුලක් ලෙස ඉදිරියට ගමන් කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස තමන් සියලු ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | April 5, 2026  6:45 am

කිතුනු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරුදින අදයි

ලොව පුරා කිතුනු ජනතාව ඉමහත් භක්තියෙන් සමරණ පාස්කු ඉරු දින අදට (05) යෙදී තිබේ.

(0)Comments | April 5, 2026  6:21 am

රුසියාවෙන් එල්ල වූ ප්‍රහාරයකින් යුක්‍රේනයේ 5 දෙනෙකු මරුට

යුක්‍රේනයට රුසියාවෙන් එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(0)Comments | April 4, 2026  10:47 pm

කෙසෙල්ගමු ඔයේ ගිලි පාසල් සිසුවෙක් අතුරුදන්

කාසල්රි ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයේ ගිලි පාසල් සිසුවෙකු අතුරුදන්ව තිබේ. 

(0)Comments | April 4, 2026  10:01 pm

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | April 4, 2026  9:58 pm

උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යළි ඇරඹෙයි

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

(0)Comments | April 4, 2026  9:22 pm

ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 12ක් දක්වා අඩු කරයි

ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 12 දක්වා අඩු කිරීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.

(0)Comments | April 4, 2026  8:48 pm

ඉරානයට තවත් පැය 48ක් පමණක් ඉතිරිව ඇති බව ට්‍රම්ප් කියයි 

එකඟතාවකට පැමිණීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානයට ඇත්තේ, තවත් පැය 48ක් පමණ බව ජනාධිපති ට්‍රම්ප් පවසයි.

(0)Comments | April 4, 2026  7:59 pm

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා සියයට 96ක් අයදුම් කරයි 

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා 96%ක් අයදුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 

මේ සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කර තිබූ පරිදි අද (04) මධ්‍යහ්න 12.00ට අවසන් කරන ලදී. 

(0)Comments | April 4, 2026  7:08 pm

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකට නායයෑම් අනතුරු ඇඟවීම්

රත්නපුර දිස්ත්‍රික්කයට ඇද හැළෙන වර්ෂාපතනය හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

(0)Comments | April 4, 2026  6:41 pm